ලංකාවේ මුහුදු කලාපය වැඩි වෙයි?

ලංකාවේ මුහුදු කලාපය වැඩි වෙයි?

June 25, 2016   04:42 pm


2020 වන විට ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපය තවදුරටත් වැඩි වනු ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.

අන්තර් ජාතික මුහුදේ අන්‍යය කලාපයෙන් තවත් කොටසක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට දැනට පවතින මුහුදු ප්‍රදේශය ශ්‍රී ලංකාව මෙන් 60 ගුණයක් වන අතර ඉදිරියේදී තවත් ශ්‍රි ලංකාව මෙන් 23 ගුණයක් විශාල මුහුදු කලාපයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.

රජය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට  සම්බන්ධ ආයතන කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති අතර එම සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වැදගත් තවත් සාගර කලාපයක් ලැබෙන අතර නාරා ආයතනයේ ජලශ්‍රාත්‍රිය අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව මෙහි පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

එම කටයුතු වසර 02ක කාලයක් තුළ අවසන් කිරීමට සැළසුම්කර තිබේ.