විරුසර වැඩසටහනේ 2වන අදියර 27දා

විරුසර වැඩසටහනේ 2වන අදියර 27දා

June 25, 2016   04:34 pm


විරුසර වරප්‍රසාද වැඩසටහනේ දෙවන අදියර ලබන 27වන දින පැවැත්වීමට නියමිතව තිබේ.

පොලොන්නරුව හිගුරක්ගොඩ රජරට විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී එම වැඩසටහන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව දෙවන අධියර යටතේ අඛණ්ඩව වසර 22ක සේවාකාලයක් සැපයූ රණවිරුවන් වෙත  විරුසර වරප්‍රසාද පිරිනැමීමට නියමිතය.

මීට අමතරව රණවිරු පවුල්වල දූදරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් කිහිපයක් සංවර්ධනය කිරීමට පෞද්ගලික ආයතන විසින් මුදල් ලබාදීමට නියමිත බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.