ඩී.වී. උපුල් පොලීසියට භාරවෙයි
June 25, 2016 03:33 pm
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් මහතා පොලීසියට භාර වී තිබේ.
පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඩී.වී උපුල් මහතා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පොලීසිය පැවසුවේය.
ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලද ඩී.වී උපුල් මහතා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 15 වනදා හම්බන්තොට පල්ලේමල්ල, උදාර මාවත ප්‍රදේශයේ පදිංචි ටී.එම්. ප්‍රේමදාස නැමති පුද්ගලයෙකුට දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී උපුල් මහතා ඇතුළු පිරිසක් පහරදීමක් සිදු කළ බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂයය බැගින් වූ ශරිර ඇප මත මුදාහැර තිබේ.