කොස්ගම කසළ ඉවත් කරන්න ලක්ෂ 22ක්

කොස්ගම කසළ ඉවත් කරන්න ලක්ෂ 22ක්

June 25, 2016   02:31 pm


කොස්ගම සාලාව යුධ හමුදා කදවුරේ සිදු වූ පිපිරීමෙන් ප්‍රදේශයේ එකතු වූ කසළ කඩිනමින් ඉවත් කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ කර තිබේ.

යුධ හමුදාවේ ඉල්ලීමක් මත බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් එම වැඩසටහන ආරම්භ කළ බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව කසළ ඉවත් කිරීමේ අදාළ වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 22ක මුදලක් ලබාදී ඇති බව සඳහන්ය.

එම වැඩසටහන යටතේ බැකෝ සහ ටිපර් යන්ත්‍ර 15ක් පමණ යොදා ගනිමින් දිනකට කසළ ටොන් 50ක් පමණ ඉවත් කෙරෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.