කත බසයට බිලි
June 25, 2016 01:34 pm
තඹුත්තේගම බස් නැවතුම්පොළ ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.
අදාළ කාන්තාව අනුරාධපුර සිට කෑගල්ල දෙසට ධාවනය වූ බස් රථයක ගැටීමෙන් අනතුර සිදු වූ බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ හිරුගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.