සයුරෙන් එතෙර
අමෙරිකාවටත් ඟං වතුර-20ක් මරුට
June 25, 2016 11:18 am
ඟං වතුර හේතුවෙන් අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
මිය ගිය අය අතර 08 හැවිරිදි ළමයෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගං වතුර සහ කුණාටු තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති බව සඳහන්ය.
මේ හේතුවෙන් ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයක පුද්ගලයින් 500ක් පමණ සිරවී සිටින අතර ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ඟං වතුර තත්ත්වය හේතුවෙන් නිවාස 100කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී ඇති බව ද වාර්තා වෙයි.