ස්වභාවික වායුවලින් නව විදුලි බලාගාර

ස්වභාවික වායුවලින් නව විදුලි බලාගාර

June 25, 2016   11:15 am




පරිසරය ආරක්ෂා කරගනිමින් නව විදුලි උත්පාදන බලාගාර ඇරඹීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ පවසයි.

ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජල විදුලිය නිෂ්පාදනය කරන බලාගාර ආශී‍්‍රත ප‍්‍රදේශයට වැසි අපේක්ෂා කරමින් ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට වූ මළුව දෝවනය කිරීමේ භාරය, ඔප්පු කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මේ අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

රජයක් විදියට පරිසරය ආරක්ෂා කරමින් බලශක්තිය නිෂ්පාදනය කිරීම අපේ වගකීමක් වෙනවා. එහිදී පිරිවැය ගැන සිතීමත් අවශ්‍යයි.

නමුත් අනාගතය වෙනුවෙන් පරිසර සම්පත ආරක්ෂා කිරීම දැඩි වගකීමක් ලෙස ගැනීමේදී ස්වභාවික ද්‍රව වායු උපයෝගී කරගනිමින් විදුලිය නිෂ්පාදනය  කිරීම අතිශයින් වැදගත් වෙනවා.

ඒ තුළින් ජන විදුලිය නිෂ්පාදනයේදී මෙන්ම, අවම පරිසර හානියක් යටතේ විදුලිය නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙනවා.

මෙම භාරය ඔප්පුකිරීම ආරම්භ කළේ අනුරුද්ධ රත්වත්තේ අමාත්‍යවරයාගේ කාල වකවානුවේදී. එය චාරිත‍්‍රයක් විදියට අද දක්වා දිගින් දිගටම අපි කරගෙන එනවා. එයින් මහත් ප‍්‍රතිඵල ලැබී තිබෙනවා.

බෞද්ධයන් විදියට අපිට ඒ ගැන ආඩම්බරයි. මෙහිදී ජල විදුලිය උත්පාදනය කරන ජලාශවල ජලයෙන් තමයි ශී‍්‍ර මහාබෝධි මළුව අපි දෝවනය කරන්නේ.