කොරියානු විභාගය අයදුම්පත් රැසක්

කොරියානු විභාගය අයදුම්පත් රැසක්

June 24, 2016   03:57 pm




මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා 26,136 දෙනෙකු අයදුම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එය පසුගිය වසරට සාපේක්ෂව 13,056ක වැඩිවීමක් බව එම කාර්යාංශය පෙන්වා දෙයි.

අයදුම්පත් භාරගැනීම පසුගිය 20 වනදා සිට 23 වනදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 15කදී සිදු කර තිබේ.

ප්‍රථමවරට ඔන්ලයින් ක්‍රමයට මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වෙන අතර එය ලබන මාසයේ පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගයෙන් සුදුසුකම් ලබන පුද්ගලයින් හට කොරියාවේ නිෂ්පාදන සහ ධීවර අංශවල රැකියා හිමිවන අතර මේ වන විට ශ්‍රී ලාංකිකයින් 28,000ක් පමණ දකුණු කොරියාවේ රැකියාවල නිරත වන බව සඳහන්ය.