පිටාරය..

පිටාරය..

September 16, 2019  

Bookmark and Share
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පෙරේදා (15) පෙරවරුවේ සිට ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යනජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති.

අඛණ්ඩව ඇද හැලෙන වර්ෂාව නිසා මාවුස්සාකැලේ හා කාසල්රීයන ජලාශවල ජල මට්ටම අද (16)උදෑසණ 06 වන විට පිටාර මට්ටමට පැමිණිමට, පිළිවෙලින් අඩි03 ක් හා07 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන, නවලක්ෂපාන, කැනියොන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන විදුලිබලාගාර පහ (05) සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ, මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

අධික වර්ෂාව හේතුවෙන්ශ්‍රීපාද රක්ෂිතයේ දිය ඇලි සක්‍රීය වී ඇති අයුරු හා  මාවුස්සාකැලේ ජලාශයේ ජලය පිරී ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.

ඡායාරූප-මස්කෙළිය ගාමිණී