මෙහෙයුමක්...

මෙහෙයුමක්...

September 12, 2019  

Bookmark and Share
මත්පැන් වැටලීමේ විශේෂ මෙහෙයුමකින් බොල්ගොඩ ගං ඉවුරේ හා රක්ෂිත ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන මහා පරිමාණ නීති විරෝධී මත් පැන් නිෂ්පාදනය කරන ස්ථානයක් වටලා ගෝඩා පිරවු බැරල් 68ක්, නීති විරෝධී මත් පැන් බෝතල් 90ක්, මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පානදුර උතුර, පානදුර දකුණ, බණ්ඩාරගම, වාද්දූව, මොරොන්තුඩුව, යන පොලිස් ස්ථාන වල නිලධාරීන් 60ක පමණ පිරිසක් විසින් ඊයේ දවස පුරා බොල්ගොඩ රක්ෂිතයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

මෙම ප්‍රදේශයේ නිපදවන නීති විරෝධී මත් පැන් හොරණ, කළුතර, බණ්ඩාරගම, වාද්දුව ප්‍රදේශවලට මහා පරිමාණයෙන් බෙදා හැරීම සිදු කරන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර ඇත.

මෙම නීති විරෝධි මත් පැන් වැටලීමේ මෙහෙයුම අඛණ්ඩව සිදු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර අැත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.