වැටලීම..
July 20, 2019
කේරල ගංජා කිලෝ ග්රෑම් 203ක් ප්රවාහනය කළ සැකකරුවෙකු වව්නියාව, ආඩියාපුලියන්කුලම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ(19) සවස සිදුකළ වැටලීමකදී සැකකරු ඇතුළු ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ගෙනැවිත් මන්නාරම ප්රදේශයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගෙන බෙදාහැරීම වෙනුවෙන් ප්රවාහනය කළ ගංජා තොගයක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
සැකකරු වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.