විවිර වීම..

විවිර වීම..

July 19, 2019  

Bookmark and Share
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට තව දුරටත් අඛණ්ඩව වැසි ඇද හැලෙමින් පවතියි.

එම තත්ත්වය හමුවේ ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත්ත වී ඇත.

ඒ අනුව ඊයේ (18 ) පස්වරුවේ වාන් දොරටු තුනක් විවෘත්ත වු අතර රාත්‍රී කාලයේදි වාන් දොරටු 5ක් දක්වා විවෘත වී ඇත.

අද අළුයම වන විට එය වාන් දොරටු දෙක දක්වා සිමා වි ඇත.

ඒ අනුව මේ මොහොත වන විට වාන් දොරටු දෙකක් විවෘත්තව පවතියි.

ඉන් තත්ත්පරයට ජලය ඝන මීටර 30 ක් පමණ කොත්මලා ඔයට මුදා හැරේ.

ඒම නිසා කොත්මලේ ඔයේ ජලය පරිහරණය කරන ජනතාව හා ජලාශය ආසන්නයේ වාසය කරන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඡායාරූප-චන්දන ජයවීර