පැල්පිටගේ චෝදනා ගැන දැනුවත් නෑ

පැල්පිටගේ චෝදනා ගැන දැනුවත් නෑ

May 30, 2016   10:23 pm


අනූෂ පැල්පිට මහතා සම්බන්ධයෙන් අධි චෝදනා පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම්වත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අනූෂ පැල්පිට මහතාට සිය අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ලබාදීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද(30) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අධි චෝදනා ලැබූ රාජ්‍ය සේවකයින් තවත් රාජ්‍ය සේවය තුළ සිටින බවයි.

එමෙන්ම අනූෂ පැල්පිට මහතා පෞද්ගලිකව තමා කිසිවිටකත් නොහඳුනන බව වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.