පෞද්ගලික අංශයේ තදබදය දැන් අවසන්

පෞද්ගලික අංශයේ තදබදය දැන් අවසන්

May 30, 2016   05:39 pm



පෞද්ගලික අංශයේ සේවකයින්ට සේවක අර්ථ සාධක මුදලින් සියයට 30ක පූර්ව ප්‍රතිලාභ ලබාදීමට තිබූ තදබදය දැන් අවසන් වී ඇති බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රතිලාභ ගෙවීමට අදාළ අයඳුම්පත් භාර දී මසක් ඇතුළත ගෙවීම් කටයුතු කිරීමට හැකියාව පවතින බවයි.

අද(30) පෙරවරුවේ කම්කරු හා වෘත්තීය අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අමාත්‍ය ඩබ්ලිව්.ඩි.ජේ.සෙනෙවිරත්න මහතා මේ බව සඳහන් කර තිබේ.

සේවක අර්ථ සාධක මුදලින් සියයට 30ක් ලබාගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීමේ අයඳුම්පත් 82,771ක් මේ වන විට ලැබී ඇති බවත් ඉන් සුදුසුකම් ලැබූ 75,905 දෙනෙකු සඳහා ඊට අවශ්‍ය අයඳුම්පත් තැපැල් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මේ දක්වා සේවක අර්ථ සාධක අරමුදලින් රුපියල් බිලියන 17ක මුදලක් සියයට 30 ප්‍රතිලාභ ලබාගැනීම වෙනුවෙන් නිදහස් කර ඇති බව ද   කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.