ගුරු සංගම් පෙත්සම 17දා සළකා බැලෙයි
May 30, 2016 05:04 pm
දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව පවසමින් අධ්‍යාපන ක්ෂේත්රයේ 4500කට අධික පිරිසකට උසස්වීම් පිරිනැමීමට වත්මන් රජය ගෙන ඇති තීන්දුව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමක් ජුනි මස 17 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ලංකා ගුරු සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පසුගිය පාලන සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක්වු බව පවසමින් 4500කට අධික ගුරු, විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන සේවයේ නියුතු පුද්ගලයින්ට උසස්වීම් පිරිනැමීමට රජය නිර්දේශ කර ඇති බව පෙත්සම්කරුවන් පවසයි.
එවැනි උසස්වීම් පිරිනැමීම පිළිගත් ක්‍රමවේදයට පටහැනි බව පෙත්සම්කාර පාර්ශවය පෙන්වා දෙයි.
එම නිසා අදාළ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පෙත්සම ඉදිරිපත් කර තිබේ.