අගමැති දකුණු කොරියාවට ගොඩබසියි

අගමැති දකුණු කොරියාවට ගොඩබසියි

May 28, 2016   01:15 pm



දකුණු කොරියාවේ පැවැත්වෙන රොටරි ජාත්‍යන්තර සමුළුවට සහභාගී විම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෝල් අගනුවරට පැමිණ  තිබේ.

මීට ටික වේලාවකට පෙර අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස සෝල් අගනුවර පිහිටි ගුවන් තොටුපලෙන් දකුණු කොරියාව පැමිණි බව අද දෙරණ විශේෂ නියෝජිත ශෙහාන් බරණගේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්චොන් (Incheon) ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී දකුණු කොරියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චොයි ජොන්ග්මූන් (Choi Jongmoon) මහතා සහ දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිනී මනීෂා ගුණසේකර මෙනවිය විසින් පිළිගන්නා ලදී.

අද අළුයම 01.15ට පමණ අග්‍රාමාත්‍යවරයා ඇතුළු 05 දෙනෙකුගෙන් යුත් දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියහ.