නාවික නිලධාරියාගේ උපන් ගමෙනුත් විරෝධයක්

නාවික නිලධාරියාගේ උපන් ගමෙනුත් විරෝධයක්

May 28, 2016   12:58 pm



ත්‍රිකුණාමලය, සාම්පුර් ප්‍රදේශයේ පාසලක උත්සවයක් අතරවාරයේ නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා විසින් නාවික හමුදාවේ නිලධාරියෙකුට බැණවැදිමේ සිද්ධියට විරෝධය පළකරමින් අදත් උද්ඝෝෂණ කිහිපයක් සංවිධානය කර තිබිණ.

ඉන් එක් උද්ඝෝෂණයක් එම  නාවික හමුදා නිළධාරියාගේ උපන් ගම වන හික්කඩුව නගරයේදී පැවැත්විණ.

ඊට සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටි අතර ඔවුන් කියා සිටියේ එකී මහඇමතිවරයා මෙම සිද්ධිය ගැන සමාව ගත යුතු බවයි.

මේ අතර නුවරඑළිය නගරයේදීද මෙවැනිම උද්ඝෝෂණයක් මහ සංඝරත්නය හා ප්‍රදේශවාසීන් එක්ව සංවිධානය කර තිබිණ.