හොඳම ප්‍රවේශය ගුණාත්මක අධ්‍යාපනයයි

හොඳම ප්‍රවේශය ගුණාත්මක අධ්‍යාපනයයි

May 28, 2016   12:30 pm



සමාජ සංහිඳියාව, සාමය සහ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ආරම්භක ප්‍රවේශය ලබාදිය හැක්කේ ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් තුළින් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

කොළඹදී පැවැති“ තිරසාර සාමය සහ අධ්‍යාපනය“ පිළිබඳව වූ ප්‍රථම දකුණු ආසියානු සමුළුව අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන අස්ථාවර භාවය නිසා මේ වන විට දරුවන් විශාල පිරිසක් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව සිටින බව සඳහන්ය.

නිරෝගී, ආරක්ෂිත, උගත් සහ සවිබලයෙන් යුත් දරුවන් සහ තරුණ පරම්පරාවක් සාමකාමි සෞභාග්‍යමත් සහ තිරසාර ලොවක් සඳහා අත්‍යාවශ්‍ය වන බව එම සමුළුවට සහභාගී වූ යුනිසෙෆ් නියෝජිතයින් එහිදී ප්‍රකාශ කර ඇත.

ඒ සඳහා රටවල් තුළ සාමය වැඩිදියුණු කරන අන්දමේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරලිමට යුනිසෙෆ් ආයතනය කැපවී සිටින බව එම නියෝජිතයින් එහිදී සඳහන් කර තිබේ.