අවි භාරදෙන්න පොදුසමා කාලය යළි දීර්ඝයි

අවි භාරදෙන්න පොදුසමා කාලය යළි දීර්ඝයි

May 28, 2016   10:05 am




අනවසර ගිනි අවි රජයට භාරදීමේ පොදු සමා කාලය නැවතත් ප්‍රකාශයට පත් කර ති‍බේ.

 ජනතාවගේ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව  අනවසර ගිනි අවි රජයට භාරදීමේ පොදු සමා කාලය යළි ප්‍රකාශයට පත් කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

 ඒ අනුව එළඹෙන මැයි 30 වන දා සිට ජූනි මස 17 වනදා දක්වා පොදු සමා කාලයක් පත් කර ඇති බව සඳහන්ය.

 එම කාලසීමාව තුළදී තමා සන්තකයේ ඇති අනවසර ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට භාරදීමට හැකි බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

පොදු සමා කාලය තුළ භාර දෙන අනවසර ගිනි අවි සම්බන්ධයෙන් කිසිදු නඩු පැවරීමක් හෝ දඩුවමකට යටත් නොකරන බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.