ගංඟා ජල මට්ටම යළි ඉහළට

ගංඟා ජල මට්ටම යළි ඉහළට

May 28, 2016   09:59 am


ගංඟා බොහොමයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලපි මහතා පැවසුවේ ඊයේ(27) පස්වරුවේ න පවතින වර්ෂාව හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මේ පිළිබඳව ගංගා ආශ්‍රීතව සහ කඳුකර ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා අවධාරණය කරයි.

මේ අතර අද(28) දිනයේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.