හිරු එළියෙන් වේලන්න එපා!
May 28, 2016 09:56 am
ගංවතුරෙන් හානි වූ ලිපි ලේඛන හා පොත්පත් නැවත යථා තත්ත්වයට පත් කළ හැකි බව ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය පවසයි.
ඇය පවසන්නේ ගංවතුරට හසුවූ ලිපිලේඛන ආදිය හිරු එළිය භාවිතයෙන් වේලීම යෝග්‍ය නොවන බවයි.
ගංවතුරට හසුවූ යම් ලේඛනයක් යථා තත්ත්වයට පත් කරගැනීම සම්බන්ධයෙන් තවදුරටත් උපදෙස් අවශ්‍ය නම් ඒ සඳහා සහය වීමට ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් බව සරෝජා වෙත්තසිංහ මහත්මිය පවසයි.