පොලීසියට ආචාරධර්ම පද්ධතියක්

පොලීසියට ආචාරධර්ම පද්ධතියක්

May 28, 2016   09:35 am



පොලිස් නිලධාරීන් වෙනුවෙන් සකස් කරන ලද ආචාරධර්ම පද්ධතිය  එළඹෙන  ජූනි මස තුළ එළිදැක්වීමට බලාපොරොත්තු වන බව ජාතික පොලිස් කොමිසම පවසයි.

 එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා පවසන්නේ එය මේ වන විට මුද්‍රණය කරමින් පවතින බවයි.

පොලිස් නිලධාරීන් මහජනයාට හිතවත් අයුරින් ක්‍රියා කිරීමට පෙළඹවීම සහ කාරුණික සැළකිල්ල පිළිබදව පොලිස් නිලධාරීන්ගේ අවධානය මෙන්ම කැපවීම ඇතිකිරීම මෙහි අරමුණ බව හෙතෙම පවසයි.