අගමැති කොරියා යයි

අගමැති කොරියා යයි

May 28, 2016   09:05 am




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද අළුයම 1.15ට පමණ අගමැතිවරයා  දකුණු කොරියාව බලා පිටත්ව ගිය බව අද දෙරණ ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

දකුණු කොරියාවේ පැවැත්වෙන රොටරි ජාත්‍යන්තර සමුළුවට සහභාගී විම සඳහා අගමැතිවරයා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.