ආපදා නිසා ව්‍යාපාරික ස්ථාන විනාශ වූවන්ට සහන ලබාදිය යුතුයි
May 27, 2016 09:04 pm
ජල ගැලීමෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් ප්රදානය කළ සහල් තොගයක් ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත භාරදීම අද සිදුවිය.
ඒ අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද සහභාගිත්වයෙනි.
මේ යටතේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා යටතේ ඇති අමාත්‍යංශයේ සියලුදෙනාගේ දිනක වැටුප ආපදා නිසා පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් පිරිනැමීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.
එම අවස්ථාවේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පළ කරන ලදී.
“සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ අමාත්‍යාංශයේ සියලූම දෙනා ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් දිනක වැටුප ප්රදානය කොට තිබෙනවා. ඒ සියලූ දෙනාටම පළමුවෙන්ම මා ස්තුතිය පළකරනවා. ආපදා තත්ත්වය නිර්මාණය වීමත් සමග ජනාධිපතිතුමාත්, අපත්, මැති ඇමතිවරුන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය රජයේ සේවකයන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන විශාල වැඩ කොටසක් කළා. දැන් ගංවතුර අවසන් වී ඇති නිසා ආපදාවට ලක්වූවන්ට තමන්ගේ නිවාසවලට යාමට අවස්ථාව ලැබී තිබෙනවා.
නමුත් නාය යාමට ලක්ව වාසස්ථාන අහිමි වූ පිරිසක් තවමත් අවතැන්ව සිටිනවා. ඒ වගේම කැළණිගඟ ආශ්‍රිතව ව්‍යාපාර ස්ථාන බොහොමයක් විනාශ වී තිබෙනවා. ඒ අයට සහන ලබාදිය යුතුයි. රජයට විදේශවලින් මෙන්ම මෙරට ආයතනවලින් ලැබෙන සහනාධාර නිසි පරිදි කළමණාකරණය කිරීමට එක් ස්ථානයක් ඇතිකර තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා. අනාගතයේ ආපදා තත්ත්වයන් අවම කරගැනීම සඳහාද මෙම අමාත්‍යාංශය විසින් සැකසුම් සකසමින් සිටිනවා.“