සබරගමු සිසුන් විරෝධතාවකට සැරසෙයි

සබරගමු සිසුන් විරෝධතාවකට සැරසෙයි

May 24, 2016   11:35 am



ශිෂ්‍ය මර්දනය වහා නතර කරන ලෙස පාලනාධිකාරියට බල කරමින් අද(24) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය තීරණය කර තිබේ.

අද දහවල් 12.30ට විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කිරීමට සැළසුම් කර ඇති බව සඳහන්ය.

මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ අසත්‍ය චෝදනා එල්ල කරමින් මේ වන විට ‍සමාජීය විද්‍යා හා භාෂා පීඨයේ සිසුන් දෙදෙනෙකුගේ සහ කළමනාකරණ අධ්‍යාපන පීඨයේ සිසුන් හය දෙනෙකුගේ පංති තහනම් කර ඇති බවයි.

මෙම ක්‍රියාව තරයේ හෙළාදකින බව පවසන මහා ශිෂ්‍ය සංගමය පෙන්වා දෙන්නේ මෙම අසාධාරණ පංති තහනම් සියල්ල ඉවත් කළ යුතු බවයි.