බිනර...

බිනර...

June 18, 2019  

Bookmark and Share
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බොබැල්ල ප්‍රදේශයෙන් පමණක් හමුවන සුව්ශේෂි බිනර ශාකය පිහිටි ප්‍රදේශයට පස් දමා විනාශකර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි.

එග්සගන් පෙඩන් කිවුලාටා (Egsegan pedenculata ) යන උද්භිත විද්‍යාත්මක නමින් හැදින්වෙන මෙම සුවිශේෂි බිනර විශේෂය 1983 වසරේ දී පේරාදේනිය උද්භිත උද්‍යානයේ උදභිත විද්‍යාඥ ආචාර් ය සිරිල් විජේසුන්දර මහතා විසින් සොයාගන්නා ලදී.

වදවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම බිනර ශාකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පරිසර සංවීධාන මෙන්ම සිවිල් සංවීධාන රැසක් හඩ නගා තිබේ.

මේ වන විටත් මෙම සුව්ශේෂි බිනර ගහනය පිහිටි ප්‍රදේශය රක්ෂිත භුමියක් බවට පත්කිරිම සදහා අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව මේ සම්බන්ධයෙන් ඛල විමසීමක දී පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මතා කියා සිටියේය.

මහනුවර - යාපනය ඒ නවය මාර් ගයේ නාඋල සිට බොබැල්ල දක්වා මාර් ගය සංවර්ධනය වීම හේතුවෙන් මාර්ගයේ ඉවත් කරනු ලබන පස් මෙම බිනර ව්‍යාප්තිය පවතින භුමියට දමා තිබේ.

මාර්ග සංවර් දන අධිකාරියේ අධික්ෂණය යටතේ පෞද්ගලික සමාගමක් මාර් ග සංවර් ධන කටයුතු සිදුකරනු ලබයි.

බිනර මහේ දි මල් හටගන්නා මෙම භුමියේ මේ වන විට මිලියන ගනනක් වු බිනර බීජ තැම්පත්ව පවතින බවත් මේ වනවිටත් දමා ඇති පස් හේතුවෙන් එවා විනාශ වීමේ අවදානමක් පවතින බවත් ප්‍රදීප් සමරවික්‍රම මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැර ආරච්චි මහතා කියා සිටියේ බොබැල්ලේ දී හමුවන පෙති හතරේ බිනර විශේෂය ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් හමුනොවන බවයි.

නොදැනුවත්කම හෝ හිතා මතා හෝ මෙම පරිසර පද්ධතියට මේ වනවිටත් විවිධ බලපෑම් එල්ල වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම බිනර විශේෂය හටගන්නා ප්‍රදේශයේ සංචාරය කල අප වාර්තාකරුවන්ට දැකගැනීමට ලැබි ඇත්තේ බිනර මල් හටගන්නා ප්‍රදේශයේ මේ වන විට වගාවන්ද සිදුකර ඇති බවයි.

අවිධිමත් මානව ක්‍රියාකාරකම් හමුවේ වසරකට වරක් මුලු පළාතම සුන්දරත්වයෙන් පුරවාලන මේ සුවිශේෂි බිනර විශේෂය ලංකාවේ බොහෝ පිරිසකගේ ආදර ගෞරවයට පාත්‍රව තිබේ.

එවැනි අවස්ථාවක මෙම ස්ථානයට පස් දැමීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය සදහන් කළාය.

කෙසේ වෙතත් පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා කියා සිටියේ බිනර බිජ මතට හෙලා ඇති පස්තට්ටු ඉවත්කිරිම තුළින්ද බිනර බීජ වලට හානි සිදුවිය හැකි බවයි.

ඒ සදහා දැනුම ඇති විද්‍යාඥයෙකුගේ සහාය ලබාගැනීම අනිවර් යෙන් සිදුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

ඊට අමතරව මේ වන විට පවතින අධික උෂ්නත්වයට සමගාමීව පස් තට්ටුවේ පවතින උෂ්නත්වය ද හේතුවෙන් බිනර බීජ වලට හානි සිදුවිය හැකි ප්‍රවනතාව වැඩි බව ද හෙතෙ වැඩි දුරටත් කියා සිටියේය.

මාර් ග සංවර්ධන කටයුතු වල දී බැහැර කරනු ලබන පස් හා අනෙකුත් ද්‍රව්‍යන් පිළිබදව කටයුතු කිරිමට අදාල සමාගම් සතුව පරිසර නිලධාරින් සිටන බවත් මෙම අවස්ථාවේදී බිනර ගහනය පිහිටි භුමියට පස් යෙදු සමාගමට මෙම සිද්ධිය පිළිබදව පැවති දැන්ම සම්බන්ධයෙන් ගැටළු පැන නගින බව ද ප්‍රදිප් සමරවික්‍රම මහතා කියා සිටියේය.

අවම වශයෙන් මෙම බිනර ගහනය පවතින භුමීයට ආක්ෂික වැටක් හෝ යෙදීම සම්බන්ධයෙන් අදාල පෞද්ගලික සමාගම කටයුතු කළ යුතු බව ප්‍රදීප් සමරවික්‍රම මහතා කියා සිටියේය.

එමෙන්ම ලංකාවේ බොබැල්ලේ දී පමණක් හමුවන මේ සුවිශේෂි බිනර ගහනය ආරක්ෂා කිරිම සදහා කඩිනම් ක්‍රියාමාර් ගයක් රජය මගින් ද ගතයුතු බව ද ප්‍රදීප් සමරවික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

(ඡායාරූප-ඉන්දික අනුර කුමාර)