දන්සල...

දන්සල...

June 16, 2019  

Bookmark and Share
අදට යෙදී ඇති පොසන් දිනයට සමගාමීව විදේශිකයින් පිරිසක් විසින් ශ්‍රී ලංකිකයින් වෙත මාතර මිරිස්ස සංචාරක කාලාපයේදී අයිස් ක්‍රීම් දන්සැලක් පවත්වනු ලැබීය. 

අද දිනය පුරා රට වල් 8ක විදේශිකයින්ග් සහාභාගීත්වයෙන් මෙම දන්සැල පවත්වනු ලැබු අතර ඒම විදේශිකයින්ගේ ඉල්ලීම පරිදි මිරිස්ස සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය හා මිරිස්ස සංචාරක පොලීසිය එක්ව මෙම විදේශිකයින්ට සහායෝගය දක්වා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම දන්සැල වෙත දේශිය මෙන්ම විදේශීය සංචාරකයින්ද පැමිණ ඉතා සතුටින් අයිස් ක්‍රීම් සංග්‍රාහය භූක්ති විඳ ඇති අතර සහභාගී වු විදේශිකයින් ප්‍රකාශ කර ඇත්තේ මෙවන් අත්දැකීමක් තමන් මින් පෙර අත්විඳ නොමැති බවත් මෙවන් අත්දැකීමක් විදිමට ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවයි.

මේ වන විට විදේශිකයින්ට සංචාරය කිරිම සදහා ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බවට තමන් විශ්වාසයෙන් යුක්තව කියා සිටිනා බවත් තම මිතුරු මිතුරියන්ටත් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන් ආරාධනා කරනා බවත් ඔවුන් වැඩිදුරටත් පවසා ඇත.

දන්සැල වෙත පැමිණෙන පිරිස වෙත අයිස් ක්‍රීම් වලට අමතරව ලාංකීය සංස්කෘතීයේ අනන්‍යතාව විදහා දැක්වෙන් සංස්කෘතිත අංගද ඉදිරිපත් කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඡායාරූප- රසුන් දහනායක