නිරීක්ෂණය...

නිරීක්ෂණය...

June 11, 2019  

Bookmark and Share
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය නිරික්ෂණය කිරීම සඳහා එම ස්ථානයට වැඩම කර ඇත.

අද දෙරණ වාර්තාකරු පැවසුවේ එම ස්ථානයේ සිටින ආරක්ෂක නිලධාරින් රතන හිමියන්ට විශ්වවිද්‍යාලට ඇතුල් වීමට ඉඩ ලබා නොදෙන බවයි.

මෙ වන විට පැය භාගයක පමණ කාලයක් රතන හිමියන් එම ස්ථානයේ රැඳි සිටින බවද අද දෙරණ වාර්තාකරු වැඩි දුරටත් පැවසීය.

මේ අතර ත්‍රිකුණාමල දිස්ත්‍රිකයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් විසින් රතන හිමියන් ඇතුළු පිරිස මෙම විශ්වවිද්‍යාලය භුමීයට බලෙන් ඇතුළු කිරීම උත්සහ කළද එයට යද හමුදා නිලධාරීන් ඉඩ ලබා නොදුන් බව වාර්තා වෙයි.

පසුව හමුදා නිලධාරීන් විසින් රතන හිමියන් ඇතුළු හිමිවරුන් 10 දෙනෙකු විශ්වවිද්‍යාලය භුමීය තුළට රැගෙන ගිය බව අප වාර්තාතරු වැඩිදුරටත් පැවසීය. (පොලොන්නරුව-ප්‍රසාද් සමන්)