වැඩ බලන අය...

වැඩ බලන අය...

June 10, 2019  

Bookmark and Share
ධූරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ අමාත්‍යාංශ වෙත වැඩ අමාත්‍යවරුන් තිදෙනෙක් පත් කර තිබේ.

ඒ අනුව, නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (10) සිට නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.

මේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍යවරිය ලෙස කරනු ලැබ සිටියි.

එම මහත්ම මහත්මීන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව අමාත්‍ය ධූරවල දිවුරුම් දී තිබේ.