විශේෂ හමුවක්...

විශේෂ හමුවක්...

May 23, 2019  

Bookmark and Share
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (23) සවස පැවැත් විය.

ඒ කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දීය.

පාස්කු ඉරුදින සිදු වූ බෝම්බ ප්‍රහාරය හා රටේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට කොළඹඅගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති, අගරදගුරු පියරේ ගුයෙන් වැන් ටොට් (Pierre Nguyên Van Tot) හිමියෝ ද සහභාගි වූහ.