අද සිට වැට් වැඩියෙන් වදින්නෙත් නොවදින්නේත් මෙහෙමයි
May 2, 2016 04:51 pm
බදු සංශෝධන අද (02) සිට ක්‍රියාත්මක බවත්,ඖෂධ සහ අධ්‍යාපනයට කිසිදු බලපෑමක් නැති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ අනුව එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද (02) සිට සංශෝධනය කෙරෙන බව හෙතෙම කියා සිටියි.
ඒ අනුව මෙතෙක් 11%ක් ලෙස ක්‍රියාත්මක වූ එකතු කළ අගය මත බද්ද 15% දක්වා ඉහළ නැංවෙන බවත්,දැනට 2%ක මට්ටමේ පවතින ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයෙහි වෙනසක් නොවන අතර බද්දට යටත්වීමේ සීමාව සහ බදු නිදහස ලැබෙන ක්ෂේත්රම සංශෝධනය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එකතු කළ අගය මත බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද සඳහා
සිදු කරනු ලැබූ සංශෝධන ක්‍රියාත්මක වන ආකාරය
එකතු කළ අගය මත බද්ද -
1.බදු අනුපාත වෙනස් වීම
වර්තමානයෙහි පවතින බදු අයවන සැපයුම මත බදු අනුපාතය 11% සිට 15% දක්වා ඉහළ දැමේ.
2.තොග හා සිල්ලර වෙළෙඳාම
බද්දට යටත් වීම තව දුරටත් කරිබදුයාත්මක වන අතර බදු නිදහස් සැපයුම්
( VAT බදු පනතේ පළමු උප ලේඛණයේ දෙවන කොටසේ සඳහන් භාණ්ඩ සැපයීම) මත වූ බද්ද ඉවත් කෙරේ.)
3.බද්දට යටත් වීමේ සීමාව
වර්තමාන බද්දට යටත් වීමේ සීමාව ( රුපියල් මිලියන 100ක් වූ තොග හා සිල්ලර වෙළෙඳාම මත සහ රුපියල් මිලියන 3.75ක් වූ අනෙකුත් ) කාර්තුවකට රුපියල් මිලියන 3 හෝ වර්ෂයට (මාස 12ට) රුපියල් මිලියන 12 දක්වා පහත හෙළනු ලැබේ.
4.බදු නිදහස ඉවත් කිරීම
පහත සඳහන් නිදහස් කිරීම් 2016 මැයි 02 දින සිට බලපවත්වන පරිදි ඉවත් කරනු ලැබේ.
-විදුලි සංදේශ සේවා,
-විදුලි සංදේශ ක්ෂේත්රය සඳහා යොදා ගැනෙන යන්ත්‍රෝපකරණ සහ අධිතාක්ෂණික උපකරණ, තඹ කම්බි
- දේශීය විදුලි සංදේශ සේවා සැපයුම්කරුවන් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම මගින් නිකුත් කරනු ලබන බලපත්‍ර
- සෞඛ්‍ය සේවා සැපයීම
2016.05.02 දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම
ජාතිය ගොඩනැගීමේ බද්ද -
1. බදු අනුපාත වෙනස් වීම
වර්තමානයෙහි පවතින බදු අනුපාතය වන 2% නොවෙනස්ව පවතී.
2. බද්දට යටත් වීමේ සීමාව
වර්තමාන බද්දට යටත් වීමේ සීමාව වන රුපියල් මිලියන 3.75 හෝ දේශීයව නිෂ්පාදනය කරනු ලබන කෘෂිකාර්මික නිෂ්පාදන හැර ඇතැම් කර්මාන්ත සඳහා වූ රුපියල් මිලියන 25 සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3 දක්වා පහත හෙළනු ලැබේ.
3. බදු නිදහස ඉවත් කිරීම
පහත සඳහන් නිදහස් කිරීම් 2016 මැයි 02 දින සිට බලපවත්වන පරිදි ඉවත් කරනු ලැබේ.
- විදුලි සංදේශ සේවා
- විදුලිය සැපයීම
- ලිහිසි ද්‍රව්‍ය
2016.05.02 දිනෙන් පසු අනුමත වන නිවාස සඳහා වන විශේෂ ව්‍යාපෘති හැර අනෙකුත් විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ හා සේවා සැපයීම.
වැට් බද්ද වැඩිවන හා වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව ඉහත පරිදිය.