වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරෝධතාවකට සැරසෙයි
May 2, 2016 02:58 pm
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ වෛද්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් විරෝධතා ව්‍යාපාරයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තිරණය කර තිබේ.
හෙට(03) මධ්‍යහන 12.00ට දිවයිනේ රෝහල් රැසකදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට තීරණය කර බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දිවයින පුරා වෛද්‍ය පීඨ වල සිසුන් දින 100කට අධික කාලයක් සාමකාමී සත්යග්රහ සහ විරෝධතා ව්‍යාපාරවල නිරත වූවද ඒ පිළිබඳ සංවේදී නොවූ රජයේ බලධාරින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් පිළිබඳව පමණක් සංවේදීව කටයුතු කරන බව නලින්ද හේරත් මහතා පෙන්වා දෙයි.
වෛද්‍ය සිසුන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගෙන එහි ප්‍රමිතිය සකස් කළ යුතු බවයි.