ගාලු ආපු නැති අය ගැන තීරණයක් ගන්නවා
May 2, 2016 12:29 pm
පක්ෂයේ මැයි දින රැළියට සහභාගී නොවී පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව සහ මධ්‍යම කාරක සභාව රැස්වී ඔවුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) ගාල්ලේදී පැවැත් වුණි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 41 දෙනෙකු සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් එම රැළියට සහභාගී නොවූ අතර ඔවුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වී තිබුණි.