සේරුවිල නාහිමි අපවත් වෙයි

සේරුවිල නාහිමි අපවත් වෙයි

May 2, 2016   12:17 pm





අමරපුර කල්‍යාණි වංශ මහා නිකායේ අනුනායක, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක, සේරුවිල මංගල රජමහා විහාරයේ ඇතුළු විහාර ගණයේ විහාරාධිපති දුරන්දර සේරුවිල සරණකිත්ති (76)  හිමියන් අපවත් වී තිබේ.

අද (2) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ‍උන්වහන්සේ අපවත් වූ බව සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරවාසී ආනන්ද කිත්ති හිමියන් ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමල ජයසුමනාරාමය, මුතූර් උතුරුගිරි විහාරයේද අධිපතිත්වය හෙබවූ ඒ  හිමියන් මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ගුරු හිමියකුද වෙයි.

දේහය සේරුවිල රජමහා විහාරයට වැඩම කිරීමෙන් අනතුරුව ආදාහන කමිටුව රැස්වී ආදාහන පූජෝත්සවය සිදුකරන දිනය තීරණය කිරීමට නියමිත බව සඳහන්ය.