ගසට යටවී කත මියයයි

ගසට යටවී කත මියයයි

May 2, 2016   11:28 am



එප්පාවල, ගල්මඩුම ප්‍රදේශයේදී යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ.

අදාළ කාන්තාව සිය පුත්‍රයා සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්ය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ පුත්‍රයා එප්පාවල රෝහලට ඇතුළත් කිරීමේදී මව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි කාන්තාවක බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ 18 හැවිරිදි තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට මාරුකර යවා තිබේ.