හිටපු ජනපතිගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට
May 2, 2016 10:59 am
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කර ඒ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදීම අද(02) සිට ආරම්භ කර ඇති බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා සඳහන් කළේ ආරක්ෂාව සඳහා යොදවා සිටි හමුදා භට පිරිස් අද දිනයේ සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා හමුදා භටයින් 102ක පිරිසක් යොදවා තිබූ බව සඳහන්ය.
ඒ අතරින් එක් කණ්ඩායමක් අද දිනයේ හමුදා මුලස්ථානය වෙත කැඳවා ඇති බව උදිත ලොකු බණ්ඩාර මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ දක්වා පොලිස් කණ්ඩායම් අනුයුක්ත කිරීම් සිදු කර නොමැති බව උදිත ලොකු බණ්ඩාර මහතා පවසයි.