හෙරොයින් සමග 1ක් කොටු

හෙරොයින් සමග 1ක් කොටු

May 2, 2016   08:57 am




සීදුව කොටුගොඩ මාර්ගයේ මහ විදුහල අසළදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 470ක්, 12.7 වර්ගයේ උණ්ඩ 01ක් සහ ටී 56 වර්ගයේ උණ්ඩ 01 ක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර හෙරොයින් ප්‍රවාහනය කළ ලොරි රථයට ද පොලීසිය භාරයට ගෙන තිබේ.

සැකකරු වත්තල, හැදල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව සඳහන්ය.

ඔහු අද(02) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සීදුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.