මේක පතුරු ගැලවී ඇති ආණ්ඩුවක්

මේක පතුරු ගැලවී ඇති ආණ්ඩුවක්

May 1, 2016   11:05 pm


දැනටමත් පතුරු ගැලවී ඇති මේ ආණ්ඩුව 2020 වනතෙක් නොපවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(01) නව ආර්ථිකයක් නව සමාජයක් වෙනුවෙන් ජන බලය ගොඩනගන රතු මැයි රැළිය යන තේමාව යටතේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය අමතමින් කොළඹ හැව්ලොක් ටවුමේ බී.ආර්.සී. පිටියේ දීය.

එම රැළිය සඳහා  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ද සහභාගි වී සිටියේය.