දිය රකුසාට එකක් බිලි

දිය රකුසාට එකක් බිලි

May 1, 2016   02:55 pm




මාතර මඩිහේ ප්‍රදේශයේදි මුහුදේ දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිළී මියගොස් තිබේ.

තවත් පිරිසක් සමග මුහුදේ දියනෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණදී ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ හක්මන නරවැල්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය මාතර මහ රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(01) සිදු කිරීමට නියමිතය.