ලේකම්ගේ නිවේදනය රජයේ ස්ථාවරය නෙවෙයිලු
April 28, 2016 09:46 pm
“ඒකාබද්ධ විපක්ෂය“ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද මාධ්‍ය ආයතනවලට නිකුත් කරන ලද නිවේදනය රජයේ ස්ථාවරය නොව එය ඔහුගේ පෞද්ගලික ඉල්ලීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂය ලෙස පැහැදිලිව තිබියදී කිහිප දෙනෙකු එක්ව ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටීම නීත්‍යානූකූල නොවන බවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අද දහවල් නිකුත් කළ නිවේදනය ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියයි.
අද දෙරණට විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපිය සම්බන්ධයෙන් තමා දැනුම්වත් වුයේද වෙනත් ලේකම්වරයෙකු මාර්ගයෙන් බවයි.
මේ අතර ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ එකී නිවේදනය ජා.නි.පෙ නායක පා.ම විමල් වීරවංශ මහතා ද හෙළාදකිමින් අදහස් පළකර තිබිණ.