නිමල් බෝපගේට අමතක වෙලා!

නිමල් බෝපගේට අමතක වෙලා!

April 28, 2016   08:54 pm

<br><br>

ප්‍රියංකර ජනපති කොමිසමට

නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා හෙට  බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

ප්‍රියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාව සිටියදී  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ඔහු එම කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාද හෙට දිනයේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවලට අදාළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර බරපතළ වංචා විමර්ශන කොමිසම හමුවේ එහි පරීක්ෂණ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.

ප්‍රියංකර ජයරත්න අමාත්‍යවරයා සහ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා නොතීසි ලත් පාර්ශවය ලෙස  කොමිසම හමුවට කැඳවා ඇත.

කෙසේවෙතත් සාක්ෂිකරුවන් විදෙස්ගතව ඇති බැවින් හෙට දිනයේ නොතීසි ලත් පාර්ශවයන්ට අදාළ චෝදනා පත්‍ර ලබාදීම සිදු නොකෙරෙන අතර ලබන පස්වනදා එම චෝදනා පත්‍ර ලබාදීම සිදුකිරීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.


















    ඒකාබද්ධ විපක්‍ෂය යන නාමය භාවිතා කිරීමට වාරණ පනවමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකත් කළ බියගුළු නිවේදනයෙන් සනාථ වන්නේ වත්මන් ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරීත්වය හමුවේ දැඩිසේ භීතියට පත්වී ඇති ආකාරය යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

    අද(28) පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂයේ ප‍්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

    ‘‘වර්තමාන ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත්කර තිබෙනවා ‘ඒකාබද්ධ විපක්‍ෂය යන නාමයෙන් යම්කිසි කණ්ඩායමක් හැඳින්වීම මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නීතිය හමුවට කැඳවීමට හේතුවිය හැකියි’ කියලා. නිමල් බෝපගේ මහතාට සහ ඔහුගේ හාම්පුතුන්ට අමතක වෙලා තිබෙනවා, එක්සත් ජාතික පක්‍ෂය අවුරුදු ගණනක් විපක්‍ෂයට වෙලා හිඳිමින් විරුද්ධ පක්‍ෂයේ අනිකුත් පක්‍ෂ හා කණ්ඩායම් එකතු කරගෙන ඒකාබද්ධ විපක්‍ෂය ලෙස පෙනී සිටිය බව. එදා බලයේ හිටපු ආණ්ඩුව ජනමාධ්‍ය ආයතනවලට කියන්න ගියේ නැහැ  ‘ඒකාබද්ධ විපක්‍ෂය කියලා එකක් පාර්ලිමේන්තුවේ නැහැ. ඒ නිසා එවැනි නමකින් යම්කිසි කණ්ඩායමක් හැඳින්වීම නීතිය හමුවට ගෙනයා හැකි වරදක් විය හැකියි’ කියලා.

අද මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂය හමුවේ කොතරම් බංකොළොත්, අසරණ තත්ත්වයකට ඇද වැටිලාද කියනවානම් මාධ්‍ය ආයතනවලට බලපෑම් කරනවා, ‘ඒ නමවත් පාවිච්චි කරන්න එපා කියලා.  සංවිධානයකට, පුද්ගලයකුට නමක් දමා ගන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ගෙන් අනුමැතිය ගන්න  ඕනේ නැහැ. යම්කිසි කණ්ඩායමක් තමන්ගේ අනන්‍යතාව ‘ඒකාබද්ධ විපක්‍ෂය’ ලෙස හඳුන්වනවා නම් ඒක පිළිගන්න මාධ්‍යයට පුළුවන්. එසේ පළ කිරීම මාධ්‍යයේ වරදක් වන්නේ කොහොමද? එම නම පාවිච්චි කිරීමේ අයිතියක් නැතිනම් අභියෝගය එල්ල කළ යුත්තේ එම නම පාව්ච්චි කරන කණ්ඩායමට එරෙහිවයි. නමුත් මේ අය ඒ අභියෝගය එල්ල කරන්නේ ජනමාධ්‍ය ආයතනවලටයි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ බියගුළු නිවේදනයෙන් සනාථ වී තිබෙන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ ක‍්‍රියාකාරීත්වය හමුවේ මේ ආණ්ඩුව කෙතරම් බියට පත් වී තිබෙනවාද? යන්නයි.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේ උපදෙස් ලබාදුන්නු ඔහුගේ ස්වාමිවරුන්ට අපි අභියෝග කරනවා ‘ඒකාබද්ධ වික්‍ෂය යන නාමයේ තිබෙන නුසුදුසුභාවය කුමක්ද?’ කියලා පෙන්වා දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ කථානායක, අගමැති, සභානායක, විපක්‍ෂනායක යන තනතුරු තිබෙනවා. මේ රටේ දේශපාලනයේදී හඳුනාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ තිබෙන ආණ්ඩු පක්‍ෂය සහ විපක්‍ෂය පමණක්ද? මේ නමට මේ ආණ්ඩුව මෙපමණ බියනම්, ඒකාබද්ධ විපක්‍ෂය එල්ල කරන දේශපාලන අභියෝගයට කොතරම් බිය ඇද්ද? අපි ඉතාම පිළිකුළෙන් හෙළාදකිනවා මේ බියගුඵ, නින්දිත අත පෙවීම. ජනමාධ්‍යට ඒ ඒ කණ්ඩායම් හඳුන්වන ආකාරය කියලා දෙන්න ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට අයිතියක් නැහැ. නමුත් මාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට අයිතියක් තිබෙනවා, යම් සංවිධානයක්  කුමන නමකින් තමන් හඳුන්වා ගන්නේද, ඒ නමින්ම ජනතාවට ඔවුන්ව හඳුන්වා දීමට. බියට පත්වුණු, බෙලහීන ආණ්ඩුව තමන්ගේ යහපාලන වාග් පාඨ සියල්ලම පසෙකින් තියලා නීර්වස්ත‍්‍රව අද මේ ආකාරයට ජනමාධ්‍යයට සිදුකරන අතපෙවීම අපි යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.



ජාතික නිදහස් පෙරමුණ
2016.04.28