විරෝධයට පිළිතුරක්...

විරෝධයට පිළිතුරක්...

March 19, 2019  

Bookmark and Share
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට දී සරසවි සිසු විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් අද(19) කොළඹ, කොටුව දුම්රිය පොළ ආසන්නයේ දී පස්වරු 1 ට ආරම්භ විය.

සබරගමු විශ්වවිද්‍යාලීය බඳවා ගැනීම් කප්පාදුවට විරෝධය පා මෙම පා ගමන සංවිධානය කර තිබුණි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කොළඹ වොඩ් පෙදෙස හා ටවුන් හෝල් ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බව වාර්තා වෙයි.

මේ අතර මෙම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් කිහිපයක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.