ප්‍රහාරයක්...

ප්‍රහාරයක්...

March 13, 2019  

Bookmark and Share
තමා ජීවත්වන මට්ටක්කුලිය නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මොහොමඩ් ෆායිස් මහතා පවසයි.

ඊයේ(12) අළුයම අදාළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

අළුයම දෙකයි තිහට පමණ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර එය මන්ත්‍රීවරයාගේ නිවස පිහිටි ඉහළ මාලයේ දොර අසලට පතිත වී පුපුරා ගොස් තිබුණි.

අදාළ ප්‍රහාරයෙන් නිවසේ සිටි මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවකුට මෙම ප්‍රහාරයෙන් අනතුරක් සිදුවී නොතිබුණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට මීට පෙර අවස්ථා දෙකකදී ද මෙවැනි ප්‍රහාර එල්ලවී ඇති නමුත් තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි .

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා තමාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද බස්නාහිර පළාත්සභා මන්ත්‍රී මොහමඩ් ෆායිස් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

(ඡායාරූප-අමිල අක්මීමන)