සෙනෙහස...

සෙනෙහස...

February 20, 2019  

Bookmark and Share
ආගරපතන පොලිස් වසමට අයත් හොල්බෘක් වතුයායේ අලර්වල්ලි ලොවර්ග්‍රැන්ඩ් ප්‍රදේශයේ ඊයේ (20) සිට අතුරුදන්ව සිටි සිගිති පිරිමි දරුවා අද (20) උදැසන ඔහු පදිංචි සිට නිවස අසලම මාරගයක සිට හමු වු බව ආගරපතන පොලිසියේ පවසයි.

යදිස් විදුර්ෂන් නැමති අවුරුදු 2 වයසැති මෙම සිගිත්තා නිවසේ සෙල්ලම් කරමින් සිටියදි ඊයේ පස්වරු 3 සිට අතුරුදහන්ව ඇති බව පවුලේ ඥාතින් විසින් ආගරපතන පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණි.

එම පැමිණිල්ල අනුව ඊයේ රාත්‍රි ආගරපතන පොලිසියේ නිලධාරින්, පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක්ද දියත් කර ඇත.

අතුරුදහන්ව සිටි දරුවා කිසියම් කෙනෙකු විසින් පැහැරගෙන ගොස් දරුවා සොයා මෙහෙයුමක් දියත් කර ඇති බැවින් දරුවාව ආපසු නිවස අසලටම ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැකපල කරයි.

සොයාගත් දරුවා මේ වන විට ආගරපතන රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුට කිසිදු අනතුරක් සිදු වි නොමැති බව පොලිස් පොලීසිය පවසයි.