අනතුර-ජීවිත...
February 18, 2019
මාරවිල මහවැව ප්රදේශයේ දි අද (18 ) අළුයම මගී ප්රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි ට්රාන්ස්පෝමර්යක ගැටි සිදුවු අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් තවත් පිරිමි පුද්ගලයින් 16 ක් හා කාන්තාවන් 3ක් ඇතුළුව 19දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.
අද අළුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවත් වව්නියාව සිට කොළඹ බලා ගමන් කරමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථයක රියදුරාට එහි වේගය පාලනය කර ගත නොහැකිව කන්ටේනර් රථය ගැටිමට ගිය අවස්ථාවේදි එයින් බේරා ගැනිමට බස් රථය ඉවතට ගත් අවස්ථාවේ දීය.
එවිට බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු විශාල විදුලි ට්රාස්ෆෝමර්යක ගැටි ඇත.
අනතුරින් මරණයට පත් වු පිරිසෙන් තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වන බවත් මොවුන් ආරක්ෂක අංශවල සාමාජීකයින් දැයි සැකයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.
අනතුරින් තුවාල ලැබු 19දෙනා අතර ද යුද හමුදා නිලධාරින් තිදෙනෙකු ද නාවික හමුදා නිලධාරියෙක්ද එක් සාමාජීකයකුද සිටින බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් බස් රථයේ ඉදිරිපස දැඩි ලෙස හනි සිදු වි ඇති බවත් ජිවිතක්ෂට පත් වු පිරිස බස් රථය තුළම සිරවී ඇති බව වාර්තා වෙයි.
අනතුර සම්බන්ධව මාරවිල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(ඡායාරූප-හිරාන් ප්රියංකර ජයසිංහ)