නැගිටවීම...

නැගිටවීම...

February 10, 2019  

Bookmark and Share
අම්පාර උහන පොලිස්බල ප්‍රදේශයේ හිමිදුරාව මහකන්ඩිය පාසැල් යායා ප්‍රදේශයේ වතුර වලක වැටුනු වන අලියෙක් නැගිටවීම සඳහා අම්පාර වනජීවි කාර්යාලයේ නිලධාරින් උත්සහයක යෙදමින් සිටී.

ඊයේ(09) දින රාත්‍රී මෙසේ වැටී සිටින අලියා සහ තවත් අලියෙක් අතර ගැටුමක් තිබී ඇති අතර එහිදී මෙම අලියා අනෙක් අලියාගෙන් දැඩි ලෙස පහරවල් එල්ල වීම නිසා මෙම වල අසලට පැමිණ වැටී ඇති බව අම්පාර වනජීවි සෞඛ්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පවසයි.

මෙසේ වැටී සිටින්නේ උස අඩි හතක් පමණ වන වයස 35ක් පමන පිරිමි සතෙකි.

දැනට මෙම අලියාට ප්‍රථිකාර කිරීම ආරම්භ කර ඇති අතර අලියා නැගිටවීමට උත්සහ කලත් නැගිටවීමට නොහැකි තත්වයක් පවතින බව අප වාර්තාකරු පවසයි.

පසුව ට්‍රැක්ටර් රථයක් යොදා නැගිටවීමට උත්සහ කලත් එයද කිරීමට නොහැකි වී තිබේ.

සවස් වෙන විට වෙනත් විකල්පයක් කිරීමට කටයුතු කරන බවද වනජීවි නිලධාරින් පවසයි.

අම්පාර වනජීවි පශු වෙද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා සහ අඩවි වනනිලධාරි කිත්සිරි මෙවන් ඇතුළු නිලධාරින් මෙම අලියාට ප්‍රථිකාර කිරීම ඊයේ සවස වන තුරුම සිදු කරනු ලැබීය.

(ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)