ධූරයක්...

ධූරයක්...

December 18, 2018  

Bookmark and Share
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ධූරය සඳහා අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යලිත් පත් කළේය.

ඒ අනුව එම ධූරයේ කටයුතු ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂ කාර්‍යාලයේදී අද (18) සිදු කෙරුණි.

පාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී සභාව අමතමින් කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාට ප්‍රධාන සංවිධායක ධූරය ලබා දීමට ආණ්ඩු පක්ෂය තීරණය කළ බවයි.