වැට පැනිම...

වැට පැනිම...

December 16, 2018  

Bookmark and Share
අලි මිනිස් ගැටුම අම්පාර දිස්ත්‍රික්කයට මේ වන විටි සුලබ කරුණක් බවට පත් වී තිබේ.

දිනෙන් දිනම වන අලි තර්ජන වැඩිවිම නිසා එම දිස්ත්‍රික්කයේ ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත.

ජීවිතවලට මෙන්ම නිවාස සහ වගාවන් වලටද හානි කිරීම නිසා ගම්වල ජනතාව ජීවත්විමේ අවධානමකට ලක්ව තිබේ.

වන අලින් ගෙන් ගම්මාන මෙන්ම වගාවන් රැක ගැනීමේ ප්‍රධාන සාධකය වි තිබෙන්නේ විදුලි වැට වුවත් එම විදුලි වැටවල් කඩා දැමිමට වන අලි පුරුදුව සිටියි.

අම්පාර බුද්ධංගල අභයභුමියේ සිට අම්පාර නගර සභා කුණු එකතු කිරිමේ ස්ථානයට පැමිණෙන වන අලින් ද දිනපතාම විදුලි වැට කඩා දමා කුණු කෑමට පැමිණෙන අතර පසුව ඔවුන් ගම්මානවලට පැන හානි කිරිමට පටන් ගෙන තිබෙන බව අද දෙරණ වාර්තා කරු පැවසීය.

අම්පාර බුද්ධංගල රක්ෂිතයේ අලි වැට කඩා වන අලි ගම් වදින ආකාරය අද දෙරණ වාර්තාකරුගේ කැමරා කාචයට හසු කර ගැනිමට හැකිව තිබේ.

පළමුව කැලෑවෙන් එලියට එක වන අලියෙක් විදුලිය වැට හොඩවැලින් කඩා දමන අතර පසුව අනෙක් වන අලි වැටෙන් පැන ගම්වදින ආකාරය එම ඡායාරූප වලින් දැක්වේ.

(ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)