පරව ගිය මල් කැකුළ...
December 4, 2018
මුන්දලම කිරියන්කල්ලිය ආඩිගම මාර්ගයේ ගල්කුලිය ප්රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් වයස අවුරුදු හතරක දරුවෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
අද(04 ) පෙරවරුවේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ ගල්කුලිය ප්රදේශයේ පදිංචිව සිටි මෙතුල බිම්සර නමැති පිරිමි දරුවෙකි.
මේ දරුවා සිය පියා සහ තවත් පහළොස් හැවිරිදි දරුවෙකු සමඟ ජලය රැගෙන එම සඳහා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මේ අනතුරට මුහුණ දී තිබේ. අනෙක් යතුරු පැදියේ සිට ඇත්තේ උඩප්පුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු රාජකාරිය සඳහා පොලීසියට යමින් සිටියදී මේ අනතුරට මුහුණ දී තිබේ.
පොලිස් නිලධාරියා හිස් වැසුමක් පැළද සිට ඇතත් අනෙක් යතුරු පැදියේ සිටි තිදෙනාම හිස් වැසුම් පැළද සිට නොමැති බව මේ වන විට අනාවරණය වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසිය.
දරුවාගේ මෟත ශරීරය මුන්දලම රෝහලේ තැන්පත් කර තිබු අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පුත්තලම මුලික රෝහලට යැවීමට නියමිතව තිබිණි.
හලාවත මහා රෝහලේ ප්රතිකාර ලබන රෝගීන්ගේ තත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
මුන්දලම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප - සුමුදු ජයමාන්න