සෙල්ෆි මරුවා...
November 13, 2018
ලෝකාන්තයෙන් පහලට ඇද වැටී මිය ගිය කාන්තාවගේ මළ සිරුර බලංගොඩ, නන්පෙරියල් වත්ත ප්‍රදේශයේ තිබී සොයා ගැණුනු අතර මළසිරුර බලංගොඩ පොලිසිය විසින් බලංගොඩ රෝහල වෙත භාර දී තිබේ.
සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට ගොස් මෙලෙස ඇඳ වැටුණේ වයස අවුරුදු 35 ක් වු ජර්මන් ජාතික කාන්තාවක් වූ ජූලියා හෙල්ග් නැමති තරුණියකි.
මෙම තරුණිය ලෝකාන්තයෙන් පහළට ඇදවැටුනේ ඉකුත් (11) දිනඋදෑසන 07.30ට පමණය.
ඒ අනුව තරුණියගේ සිරුර සෙවීමේ කටයුතු සඳහා නුවරඑළිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මේජර් අසිත රණවීර මහතා ඇතුළු කණ්ඩායමක් හා112 බදුල්ල සේනාංකයේ බි්රගේඩියර් අජන්ත විජේසූරිය මහතා ඇතුළු කණ්ඩායම් සමඟ කුරුවිට යුද හමුදා කඳවුරේ නිලධාරීන් 60ක් පමණ හා බලන්ගොඩ පොලීසිය ද සමනල වැව පොලිස් ස්ථානවල නිලධාරීන් ද, හෝර්ටන් තැන්න හා බලන්ගොඩ වන ජීවි කාර්යාලවල නිලධාරීන් දින දෙකක් තිස්සේ තරුණිය සොයා මෙහෙයුම් දියත් කර තිබුණි.
ඒ අනුව ඊයේ(12) උදෑසන නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිපහකට ආසන්න ප්‍රමාණයක් ලෝකාන්තයෙන් පහළට බැස්සේ තරුණියගේ සිරුර සොයා ගැනීමට ය.
සිරුර සොයා ගත්තද දැඩි බෑවුම හා මීදුම් තත්ත්වය හේතුවෙන් මළ සිරුර එදින පහළට ගැනීමට නොහැකිවිය.
මෙහෙයුමට එක්වූ යුද හමුදා නිලධාරීන් හා වනජීවි නිලධාරීන් එදින ලෝකාන්තය පහළ කොටසේ රාත්‍රිය ගත කළේ නිරාආහාරවය.
පසුදින උදෑසන එනම් ඊයේ දින අළුයම 5.00 ට පමණ බලන්ගොඩ නන්පේරියල් වතුයාය හරහා තවත් යුද හමුදා නිලධාරීන් පිරිසක් ලොකාන්තයේ ඉහළ කොටසට ගමන් කළේ නිරාආහාරව සිටින සෙබළුන්ට අවශ්‍ය ආහාරද රැගෙනය.
කෙසේවෙතත් (12) දිනඋදෑසන 10.30 පමණ වන විට අතරමං වී සිටි සෙබළුන් හා ඔවුන් සොයා ගිය යුද හමුදා සෙබළුන් එකිනෙකාට මුණ ගැසිනි.
පසුව සියලුම් යුද හමුදා නිලධාරීන් මිය ගිය කාන්තාවගේ සිරුර මහත් පරිශ්‍රමයක් යොදා නන්පේරියල් වතුයායට රැගෙන එන ලද්දේ පන්දම් දල්වමිනි.
යුද හමුදාව විසින් පොලීසියට භාර දීමෙන් අනතුරුව අද අළුයම 1.30 ට පමණ බලන්ගොඩ මූලික රෝහලට භාරදෙන ලදී.
මිය ගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද(13) සිදුකිරීමට නියමිතව ඇත.
ඡායාරූප - නාලක හෙට්ටිආරච්චි